Sunday 15 January 2012

සිටියා ඔබ සිතට බොහෝ ඈතින්

ඈතින්, තනි තරුවක් සේ ඇවිදින්
කීවා, සිත විමසූ රහස සෙමින්
දුරකින්, දුර ඔබ සිටියත් ඈතීන්
ළඟමයි, රෑ සිහිනෙන් ඔබ ඇවිදින්

සරසා, නෙත කඳුලැල් මුතු පොටකින්
සිටියා, ඔබ සිතට බොහෝ ඈතින්

රහසින්, මුමුනමි පෙම් රහස හෙමින්
මෙතුවක්, ඔබ නොම දැන උන් පැතුමන්
ආසයි, මට සැඟවි ඉන්න ඉතින්
මිහිදුම්, සළුවක සේ ලඟ වෙලෙමින්


සරසා, නෙත කඳුලැල් මුතු පොටකින්
සිටියා, ඔබ සිතට බොහෝ ඈතින්

4 comments:

  1. දුරකින්, දුර ඔබ සිටියත් ඈතීන්
    ළඟමයි, රෑ සිහිනෙන් ඔබ ඇවිදින්..... ( ලස්සන පද නිර්මානයක් )

    ReplyDelete
  2. හැමදාම නුඹ උන්නා
    සිත ගාවින්...සිතින් විතරක්ම...
    ඒ වුනත් නුඹ මගෙ නොවුවත් මගෙයි තව හදවතින්......

    ලස්සනයි මගෙ නංගි...........

    ReplyDelete
  3. sarasa netha hasarel muthu ahuru,
    oba vetha ennemi dinayaka nuduru...

    Warsha..

    (nice poem akki..)

    ReplyDelete
  4. ලස්සන පද ගැලපුමක්.. :) දිගටම ලියන්න.. අපි ඉන්නවා කියවන්න!

    ReplyDelete