Monday 12 August 2013

තරු කැකුල මම

 
අහස් මායා අතර හැංගුන
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
 
ස්නේහයේ මුදු එලිය
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
 
පුර පසට අහසට ඇවිත්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන‍
කුමුදු මල නුඹනම්

අමාවක අහසකත් පායන
තරු කැකුල මම නුඹ නොදත්
සහස් සියවස් ගනන් රෑ වල‍
දිලිසුනා මම නුඹ නමින්


Monday 5 August 2013

අනුන් සතු වත්කම



සිනා නොමසෙන ඇස් වල 
පිරුනු කඳුලක හැඩතල 
අයාගෙන මම දෙනුවන 
බලා උනි සිතුවිලි මැද 

නොකී රහසක වත ගොත
නුඹත් කිසි කල නොඇසුව
මටත් රහසෙම සිත තුල
පිපි වියැකුණි පෙම් මල

ඉකි බිඳුම් මුව ගොලු කල
වාවමින් සිනැහුනි මම
සුබ පතූ වදනින් නුඹ
කියුවේ කවියකි වෙන 

අපිට අපි හිමි නැති කල
සිතට හොර කල පෙම් රස
වාවගෙන හිනැහුණු විට
අනුන් සතු වත්කම නුඹ