Friday 29 July 2011

හිතුවක්කාර කඳුලට



ඇරඹුමක් හොයාගෙන ගිහින් දුර
අතරමන් සිත සීතලයි තවම
ගල් ගැහුණු කඳුල ඇස් කෙවෙනි යට
නොම වැටෙයි කොපුල මඟ බලයි තව

කඳුලකින් ඇරඹුනාවු පෙමක
පසුවදන කඳුලක්ය දැන දැනම
පෙරවදන් තනන්නට ගියත් මම
ලියන්නට කිසිවකුත් නොවිනි මට 

ගල් ගැසුණු කම්මුලේ බොඳ වෙන්න
නිල් ගැහුණු තොල් තෙමා බැසයන්න
ඉතින් දැන් නෙත් අඟින් ගිලිහෙන්න
කඳුල නුඹ  දුක් දෙනවා වැඩියි මට

Sunday 24 July 2011

ඇරඹූම



ජිවිතයේ සප්තස්වර 
වයන්නට  ඔබ සමඟ
හීනයක් ලියැලුනා
පොඩි හිතේ බැතිබරව
ඇඹුමක් දකින්නට
දින ගනන් ගනින් ඇති
නුඹ නොදැන මම තනිව
සුසුම් හෙලන ගනන් වර
නොදැක ඇරඹුම තවම 
ගෙනදුනිමි ඇරඹුමක්
ගොළුයි තවත් නම් ඉතින් 
නතිව යනු බැහැ ගමන

Wednesday 20 July 2011

තනිකඩ හිත් මන්ඩිය


මන්දාරම් අඳුරට පෙම් බඳිනා  
පහන් වැටිය විලසේ
හිරු රැස් දහරට ආල වඩන මං 
බිනර මලකි පොළවේ
දිය මත පිහිනා රැලී හැඩ ගන්වන 
විලත් අහිමි විලසේ ‍
කිසිත් නොදැන ඔබ අහිමිව යනු ඇත
නොලැබ පෙමක පහසේ



සමනල කන්දේ පාමුල හිදගෙන 
සුසුම් හෙලමි මෙලෙසේ
දුරයි තනිව නැග  යන්නට බැහැ 
මට මේ ගිරි දඹ කිසිසේ
අරත්දති තරු කැකුලකි නුඹ මට 
සැනසුම ගෙනෙන මෙසේ
තරු වක් ඉල්ලා හඩයි මසිත තව 
නොම දන්නේද සුහදේ


සිල් ගත් පුර හඳ පායන අහසක 
තනිව පිපුණ තරුවේ
රැස් දහරාවට කිසිවෙකු ලොබ නැත
පුරහඳ ඇත අහසේ
ඉතින් මමත් රහසෙම පෙම් කෙරුවට
කිසිවෙකු නැහැ දන්නේ
අමාවකේ පොඩි තරුවක් වන්නට
මම නැහැ පින් කෙරුවේ

Saturday 9 July 2011

පුංචි ආදර කතාව



රත්තරනේ නෙත් අද්දර රැදෙන්න
මගේ මුළු දිවියම ඔබම නිසා
මගේ නෙතු ඇසිපිය සිරුර ආත්මය
ඔබමයි කියනට මුහුන බලා

ආදර උයනේ මල් ලෙස සුපිපෙමු
මලක් සිඹින තව මලක් වෙලා
ඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
නුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා

මල් මල් යායක මල් අතරේ සිට
මල් මෙන් හිනැහුනු මතක කියා
මල් වට කරගෙන මල් ගොමු අතරින්
කතා කලා ඔබ එන්න කියා  

සිරි පොද වැසිසේ තෙමෙමින් රඟ දෙන
දඟකාරිය ඔබ මගේම නිසා 
තුරුලේ සැතපෙන අහිංසකාවිය
හද ගැස්මයි නුඹ මට දැනුනා

සිටිනෙමි තනිවම මේ තනි මාවත
පිළිරූව සේ මග බලමින් මා 
පැමිනෙනු පෙම්වත් දෙනෙත් ළඟට ඔබ
මගේ තනිකම දුරකට හරදා

සඳ මඩලේ අපි ගෙයක් සදාගෙන
සිටිමුද පෙම් මිහිරේ වෙලිලා
අමුත්තන් ඇවිත් දොර ලඟ හිඳිවි
නොම දත්සේ ඉඳිමුද දෙදෙනා

ජලයත් මිහිකත දෙදෙනා ලෙස අප
විදිනා විට පෙම් සුව වෙලිලා
මල් මෙන් සුපිපෙන් රත්තරනේ ඔබ
අපි අපගේ වන්නෙමු සැමදා 

Friday 1 July 2011

සමුගත් වෙරළ


වැටකේ මල් පිපි වෙරළ ‍ඉමේ
අප හමුවු දින ගගන් දිගේ
සිතිවිලි දිව යයි දෙපා නගන කල
සුසිනිදු වැලි මත සුදු වෙරලේ

ක්ෂිතිජ ඉමේ හිරු කඩා වටේ
දෙනෙතේ කඳුලැලි නිල සේදේ
සමුගෙන යන්නට මා ආ බැවී කී
දෙතොලේ හසරැලි නිදා වැටෙයි

සමුගෙන යන්නට නැගු දෙපයේ
ප්‍රණය ගිලිහි ඔබ තුරුලේ
අවසන් වරටත් සැතපී ඉන්නයි
සිහිසුන් වී පා මුල වැටුනේ


සිත් රූ සොබාහි  කවිපන්තියකට ලියූ පිළිතුරු පද වැලකි
අප හමුවී වෙන්වූ වෙරලේ