Saturday 7 January 2012

ඔබේ කවියේ මුල් පදය



නිදි ලොවෙහි මා සැරිසරද්දි
අවදි වන්නට ලොබ සිතින්
උදැසන වී ඔබ ඇවිත් ඇත
කිතිකැවෙයි සිත සැනසුමෙන් 

සිතුම් සසලව හඬන මොහොතක 
සිහිනි ස්වරයෙන් දොඩයි නම්
නෙතු පියා මම ආසා ඉන්නම්
ලයට තුරුලුව සෙනෙහසින්

නිශා යාමය ලෙසින් ඇවිදින්
ලැගුම් ගන්නම් සිත ලඟින්
ඔබේ කවියක මුල් පදය වී
තුටින් ඉන්නම් ඔබ ලඟින්

5 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. /*සිතුම් සසලව හඬන මොහොතක
    සිහිනි ස්වරයෙන් දොඩයි නම්
    නෙතු පියා මම ආසා ඉන්නම්
    ලයට තුරුලුව සෙනෙහසින් */

    අපූරූ හැඟීමක්නේ ආදරය කියන්නේ!

    ReplyDelete
  3. ලියන්නට හැගුම් ඇත
    එකින් එක පැටලිලා..
    දරන්නට බැරි සිත
    මහ මෙරක බර දරා..

    ලබන්නට බැරි පෙමක
    වෙලී හද වැනසිලා..
    මිලානව ගිය කුසුම්
    සුවද ඉතරිකර තබා..

    ඔබේ ගැන - මගේ ගැන
    මතකයන් ගොළු වෙලා...

    සෑමා 9.37pm_30.12.'11ට ලියපු එකක් :)

    ReplyDelete
  4. නිශා යාමය ලෙසින් ඇවිදින්
    ලැගුම් ගන්නම් සිත ලඟින්
    ඔබේ කවියක මුල් පදය වී
    තුටින් ඉන්නම් ඔබ ලඟින්

    හරිම ලස්සන කවි සිතුවිල්ලක්..
    හිත රැඳුනා අන්තිම පැදි.. :)

    ReplyDelete
  5. සිහිනයක් පෙනෙනවා ඔබහට නිදියහනෙම
    පවසනවා ආදරේ සිහිනයෙන්ම
    කවියක මුල් පදය කවුදැයි කියනවද
    සිහිනය ඔබට හරිටම මතක තියෙද

    ReplyDelete