කවිකාර සිත ගොතන
හැඩකාර පද වලට
ඔය මිහිරි හඬ දෙන්න
වැහි සීතලේ......
ඔබ ගාව සැතපෙන්න
නොපියාම නෙත් නිම්න
තුරුලේම සැඟවෙන්න
එන්නම් හොඳේ......
රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු
ඔබේ මතක ගන්න ඔබම
අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩලඅනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැලරුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තලආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන
වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්සරුදුරු කතරක දුටුව අහිංසක පතොක් මලජීවිතේ කුණාටුව නිවාහල සුළං පොදනුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
හිත හදා ගන්න නෙතු පියා ගනිමි මුළු රැයමනිදි වරා වෙහෙසීනුඹ ගිහින් යන්න බිඳ දමා සිහිනසිත තවම ඉකිබිඳියි කුමරී
සතු වෙලා හිටිය නුඹ , හැර ගිහින් ඉඳන් අදමම හඬමි රෑ දිවා වෙහෙසීසිත තවම ඉකිබිඳියි කුමරී
මල් මිලින රැයක සඳ ගිහින් අවරකළුවරයි මුළු අහස සබඳීනුඹ ගිහින් ඉතින් කළුවරයි මුළු ලොවටසිත තවම ඉකිබිඳියි කුමරී
පයට පැගී සිතුම් හඬවන අහිංසක පෙම් කැකුළු මල්වලසැවඳ දැනුනේ දැන්ද ඔබ හටමිලින වී පෙති හැලී යන විට
නොවක් මල් ලොව පිපී තිබුනදඑකම මල මම ඔබට පෙම් කලමේ තරම් ගැරහුම් ලොවින් මටලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස
මලට වැටෙනා පිනි පොට්ටු ලෙස කඳුලු වැටුනද නොමැත දොම්නසදුක නොමැතිනම් ඔබේ සිත ලඟකුමට විඳිනුද මමත් මේ දුක
එකම පෙත්තක් සතුව බිහිවුනමලකි එක්පෙති මම ඔබේ ලඟනෙලාගන්නේ නොමැති නම් ඔබමිලින වනු මිස මක් කරන්නද