Wednesday 4 June 2014

යලි ඇරඹේවා ලොව අළුතින්




දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම
සදාතනික සෙනෙහස පුරමින්
ජන්මෙන් ජන්මෙට  රැදෙන්න ඇති ලඟ
සිත යන්නේ නැහැ ඔබේ ලඟින්

සිතමි සියක් වර පතමි පැතුම් මම
නවතීවා මේ ලොව මෙතැනින්
ඔබ මාගේ වී මම ඔබගේ වී
යලි ඇරඹේ නම් ලොව අළුතින්

කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී
ඔබගේ වන්නට එක මොහොතින්
සදාතනික පෙම් සුසුමක්  වීලා
සැඟවෙන්නම් ලය තුල රහසින්...