Monday 12 August 2013

තරු කැකුල මම

 
අහස් මායා අතර හැංගුන
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
 
ස්නේහයේ මුදු එලිය
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
 
පුර පසට අහසට ඇවිත්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන‍
කුමුදු මල නුඹනම්

අමාවක අහසකත් පායන
තරු කැකුල මම නුඹ නොදත්
සහස් සියවස් ගනන් රෑ වල‍
දිලිසුනා මම නුඹ නමින්


2 comments:

  1. ආදරය වූ කලී හිසරදයකි.
    සැමදෙන​ වැලඳගන්න පෙරුම් පුරන​....

    ReplyDelete
  2. ආදරය මායාවකි.... ප්‍රේමය සැබෑවකි... නමුත් ආදරය ප්‍රේමය නොවනවා සේම, ප්‍රේමයද ආදරය නොවේ

    ReplyDelete