Monday 5 August 2013

අනුන් සතු වත්කම



සිනා නොමසෙන ඇස් වල 
පිරුනු කඳුලක හැඩතල 
අයාගෙන මම දෙනුවන 
බලා උනි සිතුවිලි මැද 

නොකී රහසක වත ගොත
නුඹත් කිසි කල නොඇසුව
මටත් රහසෙම සිත තුල
පිපි වියැකුණි පෙම් මල

ඉකි බිඳුම් මුව ගොලු කල
වාවමින් සිනැහුනි මම
සුබ පතූ වදනින් නුඹ
කියුවේ කවියකි වෙන 

අපිට අපි හිමි නැති කල
සිතට හොර කල පෙම් රස
වාවගෙන හිනැහුණු විට
අනුන් සතු වත්කම නුඹ 

No comments:

Post a Comment