Friday 2 December 2011

මිලින වනු මිස මක් කරන්නද



පයට පැගී සිතුම් හඬවන 
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට


නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස


මලට වැටෙනා පිනි පොට්ටු ලෙස 
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක


එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද









2 comments:

  1. හරිම ලස්සන වචන..

    නෙලාගන්නේ නොමැති නම් ඔබ
    මිලින වනු මිස මක් කරන්නද

    ReplyDelete
  2. නෙලාගන්න පින නැති සඳ
    මිලින වී
    කුමක් කරමිද සොඳ

    ReplyDelete