Wednesday 14 December 2011

නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය



අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩල
අනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැල
රුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තල
ආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන


වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්ස
රුදුරු කතරක දුටුව අහිංසක පතොක් මල
ජීවිතේ කුණාටුව නිවාහල සුළං පොද
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය 

3 comments:

  1. උදා වුණ වසන්තය ගිලිහෙන්න ලඟයි දැන්......

    ReplyDelete
  2. උදා වූ වසන්තය ගිලිහෙන්න දෙන්න එපා..

    ReplyDelete
  3. Uda uu wasanthe..sadakal radewa..

    ReplyDelete