Friday 23 September 2011

තවත් සිතිවිල්ලක්



හඬන වැලපෙන සිතුම් පවුරේ
හීන මියැදුණු දුක් කතාවක
පද පෙලක අකුරක් වෙලා කිම
සිනහවක සුව සොයා යමි මම

සිතැඟි අතගා ගොතන කවියක
කඳුලු පදවල මිහිර දැන දැන
සිතට හුරු නැති තවත් කවියක්
ලියන්නට මුල් පොත් තබමි මම



2 comments:

  1. ලස්සනයි. ඒත් තේරුනේ නම් නෑ.....???

    ReplyDelete
  2. ලස්සනයි... මට හිතෙන විදිහට නම් සතුටක් ගැන හිතන්න බැරි වෙලාවක සතුටක් බලාපොරොත්තු වෙන්න බැරි නම් මවාගත්ත හිනාවක් එක්ක හරි අපි ජීවත් වෙනවා. මේක කියවත්දි මට දැනුනෙ ඒ වගේ හැඟීමක්..

    ReplyDelete