Thursday 1 September 2011

කුරුටු කවි පොත



සිතැඟි විසිරී දෙනෙත බර වී
ඇස් පියන් පෙති පියවිලා
කුරුටු කවි පොත කුරුටු ගෑ කවි
නිල් තීන්තෙන් බොඳවෙලා

අහස පොළවට සමව දුර උන්
නුඹට සිත පෙම් කල නිසා
කුරුටු කවි පොත කඳුලු සැලුවා
නුඹ මගෙන් දුර ගිය නිසා 

නුඹට නමින් මං නුඹට ලිව් කවි 
නුඹේ  නෙත් නොගැටුනු නිසා 
කුරුටු කවි පොත බොඳ වෙනා තුරු
කඳුලු සැලුවා තනිව මා 

12 comments:

  1. කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී හඩනවා...
    බොඳවු තින්තෙන් කඳුලු බිඳු හැලෙනවා...
    අකුරු මදිවී ලියන්නට තවම කවි තිබෙනවා..
    ලියන්ට පෑනෙ තීන්ත මිදි යයි හැඟෙනවා...

    ලස්සනයි හංසියේ....

    ReplyDelete
  2. හනේ... අඩන්ට එපා අක්කියෝ...
    කුරුටු කවිනේ.. සුට්ටක් බොදවුනාට ගනංගන්ට එපා..
    ලස්සනයි පැදිපෙල..

    ReplyDelete
  3. හ්ම්...ආයේ අමුතුවෙන් ලස්සනයි කියන්න ඕනද..සුදු අක්කගේ කවි කොහොමත් ලස්සනයි නේ

    ReplyDelete
  4. නුඹට යවන්නට ගොරහැඩි අකුරින් මා ලියු කවි,
    බොඳවී යයි කඳුලින් තෙමී,
    මා ලියනා කවි නොඑවමී,පවසමී
    වදනින් වදන දිනක අප තනි වී හමු වූ මොහොතක.
    මම

    ReplyDelete
  5. ලස්සනම ලස්සනයි..
    හංස ගීතය අහිමි කරගත් ඔහුට
    කුමටද නුඹේ කවි කුරුටු විඳිනට

    ReplyDelete
  6. මගෙ දුකට අඬන්න කුරුටු ගී වත් නෑ !!!

    ReplyDelete
  7. හැමදාමත් වගේ පළමු කමෙන්ටුව අයියගෙන් ස්තූතියි ප්‍රියා අයියේ!!

    ReplyDelete
  8. ස්තූතියි සීනි නංගි... ඔයා හැමදාමත් මේ පැත්තේ එන බව මම දන්නවා :)

    ReplyDelete
  9. ඔයාටත් ස්තූතියි හිම කුමාරියේ.... :) :)

    ReplyDelete
  10. අනේ..!! දුලාන් මල්ලිත් ඇවිත් ලස්සන කවියකුත් එක්කම ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවාට :)

    ReplyDelete
  11. ඒත් හංස ගීතය තාමත් ලියැවෙන්නේ එයාටම තමයි කැමීලියා.. ස්තූතියි ආවාට :)

    ReplyDelete
  12. කුරුටු ගීයක් ඔයත් ලියන්න තනි අලියෝ.. ස්තූතියි ආවට මේ පැත්තට :)

    ReplyDelete