Friday 30 September 2011

සුළඟකි නුඹ


කවියක් ලියන්නට 
කවිපද නැතුවාට
සිතිවිල්ලෙන් 
තුන් සිත බර වුනි මෙහෙම
සුළඟකි නුඹ හෙමින් හෙමින් ඇඳි යන
සිසිලස දැනෙන මුත් 
දුටුවේ නැහැ කෙදින
සිඹිනා සුසුම හැමෙකම 
සිටි හින්දාම
දුර උව නුඹත් හැමදාමත් මා ලඟම
ගලපන්නට පද හෙව් 
මගේ කවි සිතට
හැමදාමත් කවි පද දුන්නේ නුඹය

2 comments:

  1. හ්ම්ම් දිගටම කවි සිතට ,කවි පද දෙන්න ලැබෙන්න කියා පතනවා!!

    ReplyDelete
  2. ලියවෙන්නට තව තව කවි පද හංස ගීය පුරා...
    හමනු මැනේ සුළං ඔබේ හද අරා...

    ReplyDelete