Wednesday 14 September 2011

සදහටම මම තනිවුනා


සඳට සඳ රැස් මදි කියා 
රැයම කළුවර කර ගියා 
දිලෙන තරු එලි ඇති නිසා
සිත නිවන් මම සැනසුනා 

හිරුට පෙම් කර පැරදුනා
සදේ රැස් ගැන නොදැනුනා
පුංචි තරු එළියක් සෙවු මුත් 
විශ්වයේ මඟ වැරදුනා

අළුත් ආදරයක් කියා 
තරු මලක් මට ලං වුනා
හිරුගේ රැස් ගෙන දිලිසුනා දැක
ඒ සෙනේ මට මදි වුනා

තරුත් මා හැර වෙන් වුනා
සඳත් සඳ රැස් සැඟවුවා
අදත් සදහට හිරුට පෙම් බැඳ
සදහටම මම තනිවුනා 

2 comments:

  1. හිරු එලිය සැර වැඩියි ....
    සඳු එලිය සොමි බරයි...
    එහෙත් සඳු නැති දිනයි...
    තරු එළිය සදා ඔබ ළඟයි...

    ReplyDelete
  2. හිරු රැසින් එළිය ලැබගෙන
    අමාවක ආදා සැඟව යන සඳ
    නුඹේ නොවෙනා බව සිතා
    රැකගන්න වෙර දරනු මැන
    නුඹට ලංවූ සොඳුරු තරු මල

    ReplyDelete