Saturday 8 October 2011

වටකුරු අකුරු


ලියන්නට කවි පඳ
අකුරු නොම දත් පන්හිඳ
කඳුලු කැට එක් කොට
ලියයි වටකුරු අකුරු  හැඩකොට

අත පත ගගා සිත
සොයමි මතකය නුඹත් මම ගැන
අමතකම වී ගිය
මතක අලුතින් කියමි  කවි කොට

හැඩැති අකුරක
ගැට ගසා ලියන කවි පද
නොපෙනෙයි සබඳ නුඹ හට
කඳුලු විනිවිද පෙනෙන හින්දම

කඳුලු යැයි නිඟා කොට
හැරදා ගියත් පන් හිඳ
නුඹ නමින් කවි ලියමින
හඩා වැලපෙමි අහිමි පෙමකට

1 comment:

  1. අහිමිනම් තවත් සිහිකොට...
    හැඩුම වැලපුම කුමකට...
    සෝ සුසුම් බිඳුනු සිතකට...
    දමනු මැන කඳුල ඉවතට..

    ReplyDelete