Wednesday 5 December 2012

සිතුවිල්ල - කවි සිතුවිල්ල




තැවෙයි හදවත
තවම තනියම
කවක් ගලපමි
සිතුම් කැටි කොට

තවත් හිතනට
සිතුම් නම් නැත
සිසිල් සුලඟට
රිදෙයි මගේ හිත 

සිතත් මට නැත
තව කෙනෙකු ලඟ
ඇත්තේ හදවත
මටත් මම නැත

ගත්තේ තුරුලට
බදා තදකොට
එකම වත්කම
තමයි  තනිකම

පාළුයි මුළු හිත
එනුමැනවි අදම හෙට
මගෙන් දුර ඇත ගිය
සිතුවිල්ල  - කවි සිතුවිල්ල 

5 comments:

  1. සිතුවිල්ල ලස්සනයි.

    ReplyDelete
  2. harima lassanayi dr..
    godak lassanai..digatama liyanna..

    ReplyDelete
  3. ගියපු කෙනෙක් ගැන දුක් වෙලා මොකටද.. ගෙවී යන ජීවිතේ ආපහු ලැබෙන්නෙ නෑනේ.. නොලැබුණු දේ නොලැබුණාවෙ........

    ReplyDelete
  4. සිතත් මට නැත
    තව කෙනෙකු ලඟ
    ඇත්තේ හදවත
    මටත් මම නැත.... ලස්සනයි

    ReplyDelete