Wednesday 17 October 2012

තනි මල




හිරු කිරණ රැස් දැක
මිලින වන බව දැනගෙන
තණපත් අග තුහින
විලස ක්ෂය වන තනිමල

මිය ඇදෙන හැඩ කය
ගිලී සැඟවෙන දෙනයන
සුපුන් සඳ පැරදුන
සිනා වියැකුණු තනිමල

පෙති එකිනෙක විසිර
තැලි පෑගි පොඩි වන
පා අසල හිනැහෙන
අනේ අසරණ තනිමල

සිහිනය මත ඉපිද
සිහිනය මතින් මියැදෙන
සිතුම් පොදි රැකගෙන
ලොවට රහසින් මියෙයි තනිමල 






5 comments:

  1. මම පොඩි කාලේ කියෙව්ව හත් පෙති මල කියල කතාවක්... ඒකෙ ගෑනු ළමයෙකුට මලක් දීල පෙති කඩ කඩ ප්‍රාර්ථනා කරන්න කියනවා. ඒ දේවල් ලැබෙනවා..

    ReplyDelete
  2. සැහ්.. කාලෙකින් සුද්දි ලස්සනට දෙයක් ලියලා....

    ReplyDelete
  3. ඇත්ත තමා ඔයා දැන් කවිකාරියක් වෙන්න අරන්.. අර පොඩ්ඩන්ට ලිව්ව කවි පෙලේ ඉදන් ඔයාගේ වෙනසක් මං දකිනවා. දිගටම කවි ලියන්න.

    සුබ ගමන්!

    ReplyDelete
  4. මේ පෝස්ට් එක මගේ හිතට මාරම විදිහට වැදුනා..ඔයාගේ පෝස්ට් වලින් මම ආසම පෝස්ට් එකක්.ජයම වේවා යාලු !

    ReplyDelete