හිරු කිරණ රැස් දැක
මිලින වන බව දැනගෙන
තණපත් අග තුහින
විලස ක්ෂය වන තනිමල
මිය ඇදෙන හැඩ කය
ගිලී සැඟවෙන දෙනයන
සුපුන් සඳ පැරදුන
සිනා වියැකුණු තනිමල
පෙති එකිනෙක විසිර
තැලි පෑගි පොඩි වන
පා අසල හිනැහෙන
අනේ අසරණ තනිමල
සිහිනය මත ඉපිද
සිහිනය මතින් මියැදෙන
සිතුම් පොදි රැකගෙන
ලොවට රහසින් මියෙයි තනිමල
මම පොඩි කාලේ කියෙව්ව හත් පෙති මල කියල කතාවක්... ඒකෙ ගෑනු ළමයෙකුට මලක් දීල පෙති කඩ කඩ ප්රාර්ථනා කරන්න කියනවා. ඒ දේවල් ලැබෙනවා..
ReplyDeletewada nadda
ReplyDeleteසැහ්.. කාලෙකින් සුද්දි ලස්සනට දෙයක් ලියලා....
ReplyDeleteඇත්ත තමා ඔයා දැන් කවිකාරියක් වෙන්න අරන්.. අර පොඩ්ඩන්ට ලිව්ව කවි පෙලේ ඉදන් ඔයාගේ වෙනසක් මං දකිනවා. දිගටම කවි ලියන්න.
ReplyDeleteසුබ ගමන්!
මේ පෝස්ට් එක මගේ හිතට මාරම විදිහට වැදුනා..ඔයාගේ පෝස්ට් වලින් මම ආසම පෝස්ට් එකක්.ජයම වේවා යාලු !
ReplyDelete