Friday 4 May 2012

දියණියේ


අරුත් නැති ලෝකයක් හමුවේ
සිනා සෙන්නට වෙර දරන නුඹ
නමක් නොම දත් මලක් සිඹිමින් 
ආදරේ සුව සොයනු කෙලෙසද

සිතක සිතිවිලි වාන් දමනා
යොවුන් වයසේ කිරිලියේ නුඹ
නුඹට පෙම් නැති සිතක් වෙනුවෙන්
නෙත් ඉමේ කඳුලක් දරණු කිම

සිනාවේ මායිම් තනන්නට
සිත් පොඩිය හැඟුමින් වෙලාගෙන
ඈත ක්ෂිතිජයේ මංමුලාවී 
මිරිඟුවට තව පෙම් බඳිනු කිම 

තෙතක් නැති ගල් හිතක් අබියස 
බවුන් වඩනා තවුසියක් ලෙස
තවත්නම් දුර නොයා ඉඳපන්
අතරමන් වෙයි නුඹත් අහිමිව 


සිතුම් මුතුහර ගිලී ගියදෙන් 
හඩන්නට නම් එපා මගේ දුව
නුඹට පෙම් නැති සිතත් විඳවයි
පෙමක අරුමය දුටුව දිනයක 

10 comments:

  1. පෙමක අරුමය.....
    දැනුනු හදවත......
    දිනෙක ඔය සිත.....
    සොයා එනු ඇත.....

    රුදුරු මිනිසුන්...
    වගෙයි වලසුන්...
    දිවිය රැකගන්....
    ලබැඳි දියණී....

    ReplyDelete
  2. ලස්සන අර්ථයක්...

    ReplyDelete
  3. කදුළු මල් ගොඩක්
    පාර දෙපැත්තේ..
    නෙළා ගන්නෙපා
    මගේ පුංචි මල් කුමාරියේ..

    ලස්සන කවිය අක්කියෝ.

    ReplyDelete
  4. සිතුම් මුතුහර ගිලී ගියදෙන්
    හඩන්නට නම් එපා මගේ දුව
    නුඹට පෙම් නැති සිතත් විඳවයි
    පෙමක අරුමය දුටුව දිනයක

    හරිම ලස්සනයි... මේ කවි පද ටික ගොඩාක්ම හිතට දැනුනා..

    ReplyDelete
  5. //නමක් නොම දත් මලක් සිඹිමින්
    ආදරේ සුව සොයනු කෙලෙසද//

    පෙමක් නැති සිතකින්, පෙමක් ඇති සිතකට වේදනා දීම මහා පාප කර්මයක්.. අනිවාර්යයෙන් ම විඳවනවා.. ඒකාත්නයි!

    ReplyDelete
  6. ඔයා නම් නියමයි.. මාරම ලස්සනයි

    සිනාමල් පෙති
    හෙමින් දිග හැර
    සුවද සදමින්
    හිනා වෙනු තව..

    දියණියේ නුබ
    හිතක් සනසන
    පහන් සිලුවක්
    වෙයන් බෝ මැඩ

    පබලු

    ReplyDelete
  7. ඇත්තටම හරිම ලස්සනයි හංසියේ...අදයි මේ පැත්තෙ ආවෙ..ගිහින් එන්නම්කෝ

    ReplyDelete