Tuesday 15 May 2012

මම

තරුවක් වත් තැනි අහසක
ලා එළියෙන් ලොව සරසන
තනිවුනු අඩ සඳ,


කණාටු බොල් පෙළවක 
දිය බිඳක් නැතිව වැඩෙන
පතොක් මල 





සිඳියන දිය කඩිත්තක
ගල්බෙනයක් තුල සැඟවුන
ඉතිරිවු දිය පොද



___________________________________

කලා සොළොස ඇති රෑක
තරු එලි පරදවා දිලෙමි 
එහෙත් 
අද
අඩ සඳක් මම



වස්සනායේ වැහි වහින දාට
හැඩ පාටින් දිලෙමි
එහෙත් 
අද
කණාටු මලක් මම


කඳ ශිකරය සශ්‍රීකවුනු දාට
තිල් කැටේට දිලිසෙමි
එහෙත්
අද
පුංචි දිය බිඳක් මම 


8 comments:

  1. දැන් පින්තූරත් කතාකරනවා එහෙනම්...ලස්සනයි ඡායාමාත්‍රයකට පමණක් ඉඩනොතියපු නවමු නිමැවුමක්.

    ReplyDelete
  2. කඳ ශිකරය මෙය වැරදි යෙදුමකි කඳු ශිඛරය ලෙස වෙනස් විය යුතුයැ...ටීචෑස්ල උනාම මීට වඩා ස්පෙලිං ඇන් ග්‍රැමර් ගැන සැලකිය යුතුයි නොවැ...

    ReplyDelete
  3. //කණාටු බොල් පෙළවක

    මෙතනත් පොඩ්ඩක් හදන්න. නැවුම් අදහසක්.

    ජයවේවා.......!

    ReplyDelete
  4. සස්සනායි................. :)

    ReplyDelete
  5. මේක නන් ලස්සනයි ඇ........

    ReplyDelete
  6. හෙට දිලෙන බව විශ්වාස නම්
    ඒ අරමුණ ඔස්සේ කටයුතු කරන්න..
    ජය!

    ReplyDelete
  7. හිතාගන්න බැහැ..

    නියමයි !

    ReplyDelete
  8. ලස්සනයි.... පිංතූර ටික ඊට වඩා දේවල් ටිකක් කතා කරනව වගේ දැනෙනව..

    ReplyDelete