Saturday 5 November 2011

කඳුලු නිම්නය

අපිට අපි හිමි යැයි සිතන්නට 
අයිති නැති හින්දා
කඳු පෙලේ මීදුම් වලා කැටි 
හොරෙන් ඉකි බින්දා...


ඔබට මට කඳුලැල් උරුමකල 
නිම්නයම හැරදා
යන්න ඉඩ නෑ සතුට සොයමින්
සිත බියෙන් සැලුනා....


මිරිඟු සයුරේ ගිලී ගිය හිරු
යලිත් එන හින්දා
බලා ඉමු අපි ඒවි සමනල් 
වසන්තය කැන්දා....


අපේ හිත් වල සදා සැඟවුනු 
සිහින ඉකිගසනා
අපට අප හිමි ලොවක් හමුවෙයි
සොයා යමු පියඹා....

2 comments:

  1. ගිලී ගය හිරු නැවත එන්නේ
    අලුත් දින කැන්දා....
    අළුත් දවසක අළුත් සිතිවිලි...
    හදේ පොදි බැන්දා...

    වෙනදා වගේම ලස්සනයි...

    ReplyDelete
  2. සිත් වල සැඟවුණු හීනය
    තවමත් හිත් අතරමය
    අපි මෙහි මුත්
    සිත් වෙනතකය
    පියඹා ගොස් අවසන්ය..

    බොහොම ලස්සනයි අක්කා...

    ReplyDelete