Saturday 19 November 2011

නිහඬ ඔබට


සඳක් නිසා ඔබ පුර පසලොස්වක අහසක
මට බයයි අහිමි වෙයි කියලා මේ මුදු සැනසුම
හීනයක් වෙලා නෙත පිනවන පින්බර ඔය සඳ
බැස ගියොත් සිතට කුමක් වේද නොදනිමි මම තව 

නිම්නයක් සුවඳ කරවා පිපි පුංචි සමන් මල
අප නමින් පිපි සුවඳ බෙදයි පරව යාද එය
ඒ ලෙසින් සිතුම් සිතට ගෙනෙන ඔබගේ දඟ වැඩ
තව තවත් කරන්නෙපා සුදෝ රිදෙනවා මගේ හිත

ඔබ හඳක් නිසා මම වෙන්නම් තරුව ඔබේ  ලඟ
මා තනිකර ඔබ බැස ගියොතින් තනි වෙයි පොඩි මම
ඔබ තමයි එළිය දෙන්නේ පොඩි තරුවක් වුනු මට
හැර යන්න එපා දුප්පත් හිත හඬාවි ඉකි බිඳ

පොඩි උනත් මහමෙරක් මගේ හිත දන්නවාද එය
සත් සමුදුර මට වෙන්න හිතයි ඈතට විහිදෙන
මුළු ලොවටම කෑ ගසා කියන්නට මගේ සෙනෙහස
මට සවියක් නැහැ ඔබ හරි නිහඬයි නොවෑ පෙම්වත

7 comments:

  1. සරා සඳ බැසයාවි...
    අමාවක දින ඒවී...
    හිරු එළිය නැති වේවි...
    කළුවර දිනයක් ඒවි...

    ReplyDelete
  2. නෑ හඳ කොහම හරි පායයි

    ස්තූතියි ආවාට :)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පායන විට සඳ අහසේ...
    වලා පැමිණියොත් බොහොසේ..
    සඳේ එළිය ඔබ සිතුසේ...
    දකින්න හැකි වෙද සිත්සේ...

    ReplyDelete
  5. ලස්සනයි.... අදමයි මම මේ පැත්තේ ආවේ....... ලස්සනයි.

    ReplyDelete
  6. ලස්සන ටෙම්ප්ලෙට් එක ... මම දැකපු.

    ReplyDelete
  7. මුවින් නොපෑවසුවාට
    හදවතේ තෙරපෙන මහා දුක් ගින්න
    නුඹේ ඔය නෙතු අගට මොදුවන කදුළු කෑට
    නුඹේ හිත ලග තනි රකින්නට
    මට අවසර නෑතුවාට
    නුඹේ පුංචි හිතට තවත් බර නොදී
    මං
    යන්නම්.............
    මොදු වන්නට පෙර
    තවත් කදුළු කෑට.......

    ReplyDelete