Friday 18 November 2011

නිම වුනු පෙම

ආපසු හමනා සුළඟක දැවටී 
අතීතයට යන්නට ඇත්නම් මට
හමු වෙයි ඔබ මා පෙම්කල දිනවල
මෑව් සිහින අපි දෙදෙනා දෙතැනක


මල් පෙති සුළඟට පාවී ඇවිදින
සුන්දර මල් පාරේ අපි එදවස
හමුවී හිනහී මුණ ගැහුනා අප
මකතයි තාමත් ඒ සුන්දර රස


දින සති ගෙවිලා කල් ගතවන් විට
අපේ සෙනෙහසේ දුක්බර දවසක
ඔබමයි මල් පෙති සිඳ බිඳ දැමුවේ
අප හදවත්වල සුපිපුණු මල්වල


ලෝකය මා වෙත නගනා මේ දොස
ඔබ හින්දයි මා නොකලෙමි මෙවරද
ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
මා නිවැරදි බව කියනුයේ කවුරුද 

5 comments:

  1. "ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
    මා නිවැරදි බව කියනුයේ කවුරුද"

    මේ කෑල්ලට තමා මම ආසම

    ReplyDelete
  2. ආදරය පසෙකට වී
    ලෝකයේ ගැරහුම් ඉදිරියට එන සඳ
    නැවත කුමටද පසු විපරම්
    වෙන්වීම යනු මිසක...

    ReplyDelete
  3. ඔහු නිවැරදි යැයි ඔහුම කීවද...
    ඔබේ නිවැරදි බව කවුරු නොදන්නෙද...
    දෑසේ කඳුලැලි එකතු කරන්නද...
    ආදරෙ සෙව්වේ ආදරේ නැති හද..

    ReplyDelete