Friday 25 November 2011

රත්තරන්, හිත හඬයි ඉකිබිඳ


හරිතවන් ඒ කඳු මුදුන් මත 
සුදට දිලි මීදුම් කොයිද නුඹ,
දසන් සනහා පිරෙන්නට තිබු 
මගේ සිනහවන් ගියේ කොයිබද

තුටින් රඟදෙන සමනලෙකු සේ
රැඟු සැනසුම කොයිද අද නුඹ
මුව විදාගෙන ගිරවියකසේ
මා දෙඩු බස් ඇයිද නිහඬව





නින්ද සොරකම් කලේ කවුරුද
ආයේ එන්නේ නැතිද සැනසුම
සිතට ලංවී කියන් හෙමිහිට
රත්තරන්, මේ වෙන්නේ මොනවද

නැවතුමක් හමු වේද මේ මඟ
ගිමන් හල පමණක් වේද මෙය
ගෙනගියේ ඔබ කොයිද සැනසුම
රත්තරන්, හිත හඬයි ඉකිබිඳ

නුඹට රහසින් සිතින් පෙම් බැඳ
සිහින සමඟින් ගොස් බොහෝ දුර
අනේ අහිමියි සිතට සැනසුම
රත්තරන්, එය දන්නේ නැතිවද 

5 comments:

  1. මේක සිරා.... රිප්ලයි එකක් දාන්න කිසිම දෙයක් හිත‍ට එන්නැති තරමටම මේක සුපිරියි....

    ReplyDelete
  2. මාරම ලස්සනයි :DD

    ReplyDelete
  3. නුඹට රහසින් සිතින් පෙම් බැඳ
    සිහින සමඟින් ගොස් බොහෝ දුර
    අනේ අහිමියි සිතට සැනසුම
    රත්තරන්, එය දන්නේ නැතිවද

    ලස්සනයි ගොඩාක්ම,..

    ReplyDelete
  4. @ පසා
    ටැන්කෝ අයියා මතං :)

    @පියා අයියා
    ටැන්කෝ ඈ.... :)

    @පබුලු
    ටැන්කූ බුබු..:)

    @ප්‍රාර්ථනා
    ටැන්කෝ මෙයා :)

    ReplyDelete