Sunday 16 October 2011

සෙනෙහසේ කවි කම්



තරු කැකුළු වල හැඩ පරදවන 
පුංචි මුතු වන් කඳුලු කැට වල 
දිය වෙලා නෙතඟින් ගලා යන
සෙනෙහසේ කවි කම් අසනු මැන


පාරමී පුරමින් නුවන් යුග
සොයන දසුනේ රුසිරු රස විඳ
ගොතයි අතොරක් නැතිව කවි කම්
අපේ සෙනෙහස පිරුණු ලොව ගැන


සිහින මවමින් අපි උනුන් ගැන
සුසුම් සමඟින් ගොස් බොහෝ දුර
යලිත් ආපසු නොඑන ලෙසකට
තව තවත් තටු සලමු ඈතට


ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
දරා ගන්නට බැරිව ලතවෙන
මගේ අසරණ බොළඳ සිතිවිලි
ඔබේ උනුසුම සොයයි හැම විට 


සුවඳ සොයමින් ඔබේ සුවබර
සිත දුවයි වලකනු කෙලෙස මම
තරු කැකුළු හැඩයට දිලෙන රැය 
මා ලඟයි නිදි  ලොවේදිත් ඔබ 

5 comments:

  1. ලස්සනයි සුදු අක්කා....

    ෙම් පද ටිනට මන් ෙගාඩක් කැමතියි....
    ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
    දරා ගන්නට බැරිව ලතවෙන
    මගේ අසරණ බොළඳ සිතිවිලි
    ඔබේ උනුසුම සොයයි හැම විට

    ReplyDelete
  2. බලධාරියා විසින් කපා හැරිය යුතු ලස්සන පින්තූරයක්!
    ඒකටම ගැලපෙන ලස්සන පද පෙලක්....:D

    ReplyDelete
  3. @ පොඩ්ඩි.
    අර සමනල හාදුවද දන්නේ නෑ නේද මේ දෙන්නා දෙන්නේ...:DDD
    @ සුදු හංසි.
    ලස්සනයි වෙනදා වගේම කව්පෙළ

    ReplyDelete
  4. හි හි ටැන්කෝ පොඩ්ඩි අක්කේ :)

    ටැන්කෝ පියා අයියේ

    ReplyDelete