Monday 17 October 2011

සැනසන සිත



ඔබේ සෙනෙහසින් කවිකම් ලැබුවද
තවම නොහැක මට කවක් ලියන්නට
මා සිත නැලවු මා සිත හැඬවු
ඔබ දුන් ඒ සුන්දර හස කැන් ගැන


දරන්න නොහැකිව ලොවේ කුරිරු බව
මා සිත අසරන වී උන් කාලෙක
සෙනෙහස ගෙන සිත් අරනට වැඩි ඔබ
මහමෙව්නාවක් වුවා මගේ ලොව


අපට හොරෙන් අප හිත් වල සුපිපුන
පිච්ච මලේ පෙති විසිරිණ් නොදැනම
වාවනු කෙලෙසද කඳුලේ උනුසුම
ලොවට හොරෙන් වැලපේ සිත ඉකිබිඳ


ඔය ඇස්වල දුටු අපමණ සෙනෙහස
පහන් වැටක් වාගේ සිත සනසන
අහිංසකම හඳ පාන අතේ මට
එවන්න ලියලා පුංචි හසුන් පත 

2 comments:

  1. කඳුළු ආදරයට වටිනාකම් නිමවනවා
    ආදරය කඳුළු වලට වටිනාකම් දෙනවා
    මේ දෙකම ජීවිතයට වෙනසක් ගෙනඑනවා
    ලස්සනයි යාළුවා...

    ReplyDelete
  2. කවියට ලස්සන අදහසක් එක්කලාට ස්තූතියි යාළුවා ගොඩ දවසකින් දැක්කේ.. :)

    ReplyDelete