Monday 29 August 2011

අළුත් රහසක්



සිතෙහි සිරගතක හැඟුම් පොදි බැඳ 
අළුත් රහසක් කිය කියා
නෙතෙහි කැල්මන් රඟන රුඟුමන් 
පදබඳිමි හැඩ වය වයා 

රහස් තෙපලූ දෙතොල් පෙති සැලි
තාලයට හැඩ මව මවා
සවන් කිංකිණි නඳට යොමමින්
සොඳුරු බිඟු නද අස අසා 

ලවන් රත් පෙති සීතලෙන් හද
උණුසුමත් සිහිලැල් වෙලා
පියන් නෙතු යුග හදවතින් විඳි
උණුසුමින් සිත නැහැවිලා 

9 comments:

  1. සිතේ සිරවුන හැඟුම් එකිනෙක..
    දොරේ ගලනා සොඳුරු මොහොතක..
    කරන්නද කෙලෙසින්ද අමතක..
    හෙලි දරවුවක් අලුත් රහසක...

    ReplyDelete
  2. අපිත් දන්න දෙයකද ඕක :-D

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්........ දෝරේ ගලනවා............ ආ.....දරේ..

    ReplyDelete
  4. @ ප්‍රියන්ත අයියා...
    ලස්සනයි කවිය...

    ReplyDelete
  5. @ මරේ අයියා

    යා යා දන්න රහසක් තමා අයියේ කවුරු කවුරුත් ඔය වෙලාවට ඔය රහස කියනවා ;)

    ReplyDelete
  6. හ්ම්ම්ම් හ්ම්ම්ම් හාවි නගේ.. ඔයා දන්නවා නොවෑ ආදරේ රහ..
    :)

    ReplyDelete
  7. ස්තූතියි කැමීලියා.... :) :)

    ReplyDelete
  8. සිතේ සිරගත හැඟුම් පොදි බැඳ අලුත් රහසක් යැයි කියා
    රහස් තෙපලූ ඔබ දෙතොල් පෙති දුටුවා අපි, කීවත් නෑ කියා
    උණුහුමෙන් සැලි ලවන් පෙති ඔබෙ සිසිල් කලෙ ඒ අප *යා
    නොකීවත් එය දන්නවා අප බිය නොවන් කියන්නෑ අඬ බෙර වයා

    --

    හික් හික් හික්... :D

    ReplyDelete