Friday 3 June 2011

සක්මන් සිත



නිල් මහනෙල් මල් සම කල
නුඹ පෙම් කල මගේ නෙත් යුග
සක්මන් සිත චංචල කල
මහනෙල් මල් පරදන නෙත

ඉක්මන් කොට  අඩි තිය තිය
සිත් මනිඩිය පුරා හැඩට
මන්තරයක් ලෙස මුසුණන
ආදරයේ සප්තස්වර

සන්සුන් සිත චංචල කොට
පැහර ගිහින් පෙම්වත් හිත
මං තාමත් අහන්නේ ඇයි
පෙම් කෙරුවේ මෙතරම් මට

7 comments:

  1. මාරයි අක්කා...ලස්සන පද ටික .............

    ReplyDelete
  2. නියම කවි ටික අක්කේ. මාරම ලස්සනයි.

    ReplyDelete
  3. මම කොයිල් උනා. සිහින තවලම ලියන සුදු හංසි අක්කත් ඔයාද ???

    ReplyDelete
  4. හරිම ලස්සනයි සුදු අක්කියා..........

    ReplyDelete
  5. "කිමද ඔබ මල් කුමරියන්නේ
    පෙති විදා සතුටින් නොඉන්නේ
    රහස නැතිවද මං නොදන්නේ
    තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නේ..."

    ReplyDelete
  6. කිසිවක් නොකියමි..
    බලා සිටින්නෙමි..

    ReplyDelete
  7. ආදරයෙන් මත්වූ සඳ..
    නොපෙනේ දුර කිමද වරද...
    හද අරණට නොදැනෙන සඳ..
    ආදරෙ කරන්නේ කෙලෙසද...

    ReplyDelete