Saturday 4 June 2011

සිහින කව


කඳු නිල්ලේ ඈත පාවී
හසරුල්ලේ  දෑස යාවී
මැව් සිහිනේ සුපෙම් මාලිගා
මනහාරී මල් තලාවේ
වැතිරී සැනසේවී
සිත් යායේ ඔහේ පා වෙලා
අනුරාගී නෙත් කතාවේ
මුදු හැඟුමන් සිත් පිනාවී
සෙනෙහසේ කවි කතා ලියවිලා
ඔබ මාගේ සිහින ලෝකේ
රන් කිරුලත් හිස දරාවී
අප සිහිනේ පැතුම් ඉටු වෙලා



2 comments:

  1. පෙර විඳි කවි රස නැත අඩුවීලා..
    තවමත් සුපුරුදු රසයෙන් පිරිලා...
    සිහින ලොවට මම යමි පාවීලා...
    කවි රසයෙන් මන මත් වීලා...

    අළුත් ඇඳුමත් ලස්සනයි...:D

    ReplyDelete
  2. අහන්නත් සතුටුයි පැතුම් ඉටු වෙච්චි ආදරයක්.

    ReplyDelete