Monday 6 June 2011

වැස්සක වෙනස



සීනියට රැළි ගොතපු ඔසරි පොට අතට ගෙන
පොත් මිටිය දෝතින්ම ළය මතින් තුරුලු කර
මමම ගෙතු මප්රලය ගෙල වටින් ඔතා ගෙන
මල් කුඩේ යටින් ගිය දවස් සිහි වෙනවා මට

ගෙත්තමින් හැඩ මැවුනු කබායේ උණුසුමින්
පාට පාටින් ගෙතුණු අත් මේස් පළඳමින්
පිනි මුවැත්තිය ලෙසින් සීතලට ගුලි වෙමින්
අයිස් වැස්සේ දුවපු දවස් සිහිවෙයි ඉතින්

පටි සෙරෙප්පුව කෑඩී මාවතේ තනිවෙලා
පැගිලා ඔසරි පො‍ට ඉඟ නෙරිය විසිරිලා
දිගට ගෙතු කෙස් වැටිය අග්ගිස්ස තෙත් වෙලා
සීතලේ වෙව්ලමින් සිටියා මතකයි එදා


වසරකට පසු *****

දිගට ගෙතු කෙස් වැටිය ලේයර් කට් උන නමුත්
ඔසරි නැතිවාට දිග කලිසමක් ඇඳි නමුත්
පටි සෙරෙප්පුව නැතිව කෝට් ෂු දාගෙනත්
මහ වැස්සේ තෙමෙන්නට යන්න සිදුවිය මටත්












3 comments:

  1. හ්ම්ම් එදා සහ අද..
    ලස්සන කවිපෙළක්...

    ReplyDelete
  2. ඇඳුම පැළඳුම දෙකම වෙනස් වී ඇති නමුත්...
    පරණ හිතමයි ඇත්තේ එදා වගෙමයි අදත්...
    වැස්සකට තෙමිලා පුරුදු ලෙස දිව ඇවිත්...
    ලියූ කවි පද පේලි රස විඳින්නම් මමත්...

    ReplyDelete
  3. වැස්සට තෙමෙමි   ණී
    හංසි ලිව් කව් මි     ණී
    සිත් රූ මවමි         ණී
    වක්කරයි මී පැ     ණී

    ReplyDelete