Friday 24 June 2011

සඳ කිඳුරානෙනි


හිම ගිරි අරණට මල් වැහි වසිනා 
සීතල හැන්දෑවේ
තණ පලසේ පිනි මුතු මත නැටුවෙමු 
තුරුලේ සුව පහසේ

නන්දනීය පෙම සිත තුල සක්මන් 
කරනා මේ යාමේ
ආනන්දය සිත් පෙම්වත් කරවන
ඇතිවිය සිත් දෑලේ

වස්දඬු නාදෙට පාද නැලවෙනා
කින්නර රංගනයේ
කුමරා සමඟින් කුමරිය විමි මම
ඒ සුන්දර යාමේ

බඹදත් රජතෙම රහසින් අවුදින්
රංගන නැරඹි කලේ
කින්නර නුඹ ගැන අසූයාව බැඳ
දුනු හී ඇද  ගත්තේ

දෙටු බඹදත් රජු එක හී පහරින්
කිඳුරිඳු නිහඬ කලේ
චන්ද කින්නරා රංගනයේ සිටි
මා නැත එය දුටුවේ

රැඟුමෙන් මත්වුනු බඹදත් රජ තෙම
මා වෙත පෙම් බැන්දේ
කින්නර කුමරුණි ඔබ සමු ගෙන බව
එවිටයි මා දුටුවේ

හිම ගිරි අරනේ පෙම් බැඳී හිමියනි
තනි කර නොයනු මැනේ
දෙරණත කම්පාවන ලෙස හැඩුවෙමි
පෙමි සිත මොර දෙමිනේ

නිසල සිරුර දොතින්  ගෙන හැඩුවෙමි
 යැද ජිවය ඔබගේ
ගහ කොල මල් වැල් කම්පාවීලා
දෙරණ මලින්  වැසුනේ 

පෙම්වත් සිතකින් පැතු පැතුමක් දැක
සක‍් දෙවි මෙහි වැඩ්යේ
අසරණ හිමි ඔබ විවිරණ ලැබගෙන
යලිදු මවෙත වැඩ්යේ

බුදු බව ලබනට කැමතිව ඒ දින 
විවිරණ ඔබ ඇසුවේ
යශෝදරා ලෙස යලි ඉපදෙනු දැන
ඔබයි සිතින් පැතුවේ 









9 comments:

  1. ඒ බලගතු පෙම පදවැලකට ගෙන
    කවියක් ඔබ ගෙතුවේ
    කියවූ මා සිත සතුටින් ඉපිලිනි
    තුතියයි මේ දෙන්නේ

    ReplyDelete
  2. ලාාාාාාාාාක්ෂණයි.....

    ReplyDelete
  3. කියන්න වචන නෑ......උපරිමයි.

    ReplyDelete
  4. ලස්සනයී නගා
    අහන්න හිතෙනව දැන් නම් කවි ටික හොයාගෙන

    ReplyDelete
  5. එලස් ලස්සනයි...

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  7. කාව්‍යමය ප්‍රේමාන්විත අවස්ථා විචිත්‍ර ලෙස ඉදිරිපත් කිරීමෙහිලා සුවිශේෂී හැකියාවක් තියනවා..ඒකට මගේ දිරි සවි..චන්ද්‍ර කින්නර පෙම් පුවත බොහෝ සාහිත්‍යමය නිර්මාණවලට පාදම් සපයන පුවතක්..එහි නිමල බව හා නැවුම් බව එලෙසින්ම රකිමින්

    ReplyDelete