Tuesday 21 June 2011

යශොදරාවත

සෙනෙහසේ අරුත සොයමින
නොගියෙමි මං මුලාවී මම
හිමියනි සිටියා ඔබම
මා වෙනුවෙන් හැම භවයකම.........
 ‍එක්ව ආ මග සසර හැම කල
ගෞතම බුදු බවට තෙක් දුර
සිටියා මහමෙරක් ලෙස ඔබ
වෙන්ව වැඩියත් පතා බුදු බව........
කිඳුරු කුලයේ ඉපිද
ලෙහෙන් කුලයේ පෙම් බැඳ
හංස කුලයේ සිටන් ඇත් කුලයට
මනුසත් භව වලත් උන්නා ලඟ ලඟම...........
සසර ගමනේ දිගටම
හිමිත් මම ගෙව් මග දුර
පවසන්න අවසර
යශෝදරා ලෙසින් අද සිට

4 comments:

  1. කවියට මම කැමතියි..ඒත් මේ ඡායාරූපය නම් රාමායනය කියන හින්දු සුරංගනා කතාවේ ඡායාරූපයක්..කොහොමවුනත් ඒක නැත්නම් කවිය හරිම ලස්සනයි..

    ReplyDelete
  2. පින්තූරය වෙනස් කලා..... යාළුවා ස්තූතියි මතක් කලාට මම අහු උනාට දැම්මේ.........

    ReplyDelete
  3. මෙතන ලෙහෙන කුලය කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ReplyDelete