Sunday 19 June 2011

කිඳුරු ගීය



සරත් සඳ කැන් පතිත මිහිපිට
නැළවෙනා දළු මල් බලා
තුෂර පින්නේ තෙමි රඟ දෙමු
සඳේ රැස් මත පිහිනලා

වලා යහනෙන් හිලිහි මිහිබට
සුසුදු සේලෙය දවටලා
කිඳුරු කෝමල වලා පැහැයෙන්
හැඩවෙලා තව හැඩ වෙලා

නීල දෙනයන යොමා වටපිට
සුදුසු තනුවක් වය වයා
කිඳුරු කුමරිය රඟමු දිනයක
සරත් සඳ ළඟ තනි වෙලා

2 comments:

  1. සුසුදු වැලිමත තබා මුදු ලෙස ඔබ දෙපා...
    රඟන විට කිඳුරියේ වෙන කිසිත් මට එපා...
    නීල දෙනයන කෝල බැල්මත් මට කැපා...
    මාව තනිකර ඇත සයුරට යන්න නම් එපා....

    ReplyDelete