Sunday 12 June 2011

හංස කවිය






මානස විල කළඹා

නිල් දිය රැළි පරදා
ස්වර්ණ හංසි පියඹාගොසින්
මනු ලොව පෙම සොයලා
දිය රැලී මත වැතිරී
පෙණපිඩු කදුළු සැලී
රණ තිසරා ඉකිගසනා තාලෙට
දිය පිට රැළිති පිපී
කදුලැලි තුසර පිනී
සියපත මතට වැටී
ගයන හංස ගීතය ඇසෙනා සද
දෙරණත සලිත වුණී



4 comments:

  1. හංස ගීතය විලාපයක් තරම් තදට ඇහෙන්නේ හදවතේ ස්වරයත් එකතු වුණාමයි...ලස්සනයි යාළුවා

    ReplyDelete
  2. "නලලත බබලන සඳන තලාවයි
    සිරුරත ඝණ නිල් මේඝ වලාවයි
    මානස විල මැද රණතිසරානෙනි
    වෘන්දා වනයේ වසන්තයයි..."

    ReplyDelete
  3. ඇසී හංස ගීතය..
    බැදී මන මත් කල..
    හිඳින්නට අවසරයි..
    ගී ඇසෙන මානයක..

    ReplyDelete