Tuesday 13 May 2014

අළුත් වෙනස



දෙනෙත් ඉඳුවර හීන දකිමින්
රැයක නින්දට පෙරවදන් දෙයි
සිතින් සියවර එකම පැතුමක්
යලිත් යලි යලි ඉපිද සසැලෙයි

පැතුම් පොඳි පොඩි හිතට බර නැහැ
හීන ගං තෙර  සිතුම් පොපියයි
කලක් ගොළුවුණු පැරණී කවි හිත
හැඟුමි බර පබැඳුමක් ගලපයි

අළුත් පැතුමක් සිතට ඇවිදින්
යලිත් ඉපදුණු බවක් දවනයි
යලිත් සිතකට පෙම් පුරන්නට
සිතුම් සියුමැලි වෙමින් පවතියි 

3 comments:

  1. මම ගතකරපු ඔන්ලයින් ජීවිතය ඇසුරින් වටහ ගත්ත දෙයක් තියනව . . . .
    ඒ තමයි
    ඔන්ලයින් ජීවත් වෙච්ච එවුන්ට සයිබරේ කියන්නෙ එක්තරා ආකාරයක කුඩු ගැහිල්ලක්. කොච්චර අයිං වෙනව කීවත් . . . ඉදල හිටල හරි ඔලුව දානව දානවමයි

    ReplyDelete
  2. අපුරු පද පේලිය ආයේ එන්නම්කෝ මේ පැත්තේ ජය :)

    ReplyDelete