Friday 28 September 2012

සොදුරු වදකාරයෝ !

තනි සිතේ දුක නිවන 
සිතුම්  කැන් හැඩ මවන 
 නුඹලාට පෙම් බඳිමි
 මගේ ලොව හැඩ කරන 

 කන් කරච්චල් කරන 
විටෙක තරවටු ලබන 
නෙත් කඳුලු පුරෝගෙන 
 යලිත් මා වෙතම එන. 

 ලගින් හිද හිත හදන 
දෙවැනි මව මම කියන 
සාරි පොට හෙවන යට 
 රකින්නෙමි නුඹලාව 

 සිනා කටකාරකම් 
 නැති අඩුව දැනුනි මට 
විවේකයෙ සෙල්ලමට 
ගිනින් මා හැර මෙතැන

Published with Blogger-droid v2.0.6

3 comments:

  1. ආ...හා මේකේ තියෙනවා රහක්. ඇත්තමයි අර ප්‍රේම කවි වලට වඩා මේක හොදයි. මං මේකට කැමතියි. ඔයා කිව්ව වගේ මං ඔයාව කියවමින් හිටියේ. මේ මග යනවා නම් හොඳයි. එත් මං කිව්වේ මට හිතෙන හැටි. ඔයාට පුළුවන් මේ දැන්ම අර කවියක් ආපහු ලියන්න. මේකේ තියෙනවා පද වල පැටලිච්ච ගුරු පෙමක්.

    ReplyDelete
    Replies
    1. අහන්න හිටියට බැරි උනා. මේ පිංතුරේ ඔයාද ගත්තේ?

      Delete
  2. මාත් ආස ප්‍රේම කවි,කතා වලට වඩා මේ වගේ දේවල් වලට.නියමයි

    ReplyDelete