Friday 13 July 2012

ඔබ මට ආදරේ





මල් උයනේ මල් සමනල රෑන් සම ඟ පියඹමි මම
ඔබ සුවඳක පාවී එන මදපවනැල්ලේ නටමින
සොඳුරු සුසුම් පිරුණු හිතට ආදරේ ගලාන එන්න
විවර කරමි ඔබේ සුවඳට මාගේ සුරතල් හඳවත

හිනා වෙන්න දඟ දෙන හිත පාට වලාකුළු සිපගෙන
රස විඳින්න ආසයි ආදරෙය් සුව ඔබෙන් රෑගෙන
පියාඹන්න අත්තටු ලැබුනා ඔබගේ කිරිල්ලියට
හරි ආසයි මට අහන්න සුදු ඔබ මට ආදරේද?

දඟ දෙන පිවිතුරු හදවත සතුටින් ඉපිලී නටමින
ඔබේ සුවඳට ඉඟි කරනා සතුටු කඳුලු හිනැහුනි මට
කෝඩු කාර පෙම් හදවත නේකපාට වෙනකොට මට
ආදරේට හිනැහුණ ඔබ මහමෙරක් උනා හදවත

හීන ගෙනන රෑතුන්යම පාට ඔබේ ඔය සෙනෙහස
මාල හතක් ගෙල පළඳින කෝල ලඳක් වගේ හිතට
හීනයක්ම වෙන්න බලන සෙනෙහස ඔබ දන්නවාද
පාට වුනත් හීන සුවඳ ආදරෙයිනේ හැමදා මම





අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk 

2 comments:

  1. හෙන හදිස්සියෙන්ද කොහෙද ලියලා තියෙන්නේ

    ReplyDelete