Sunday 15 July 2012

නොදනිමි නොසොයමි





සිතුවිලි සිල් ගත් මොහොතක විමසමි
ඔය නෙතු අද්දර  රන් තරු පැරදුණි
කිසිවෙකු නොමදත් රහසක් විමසමි
ඔබ දන්නේ දැයි විමසමි අසනෙමි


සිතිවිලි උමතුව හඳවත වෙහෙසමි
හද ගැස්මේ රිද්මය මම විඳිනෙමි
මායා සිහිනෙක රහසින් වෙලුනෙමි
සිහිනෙන් ඔබ රුව පමණක් දිස් වුනි 


නෙතු පිය සැලුනේ කිමදැයි නොදනිමි
ඔය රුව ඈතින් එන විට සැඟ වෙමි
කිසි වෙකු නොමදත් රහසක් විමසමි
ඒ ආදරය ද නොදනිමි නොසොයමි 






අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

1 comment: