Tuesday 24 April 2012

අකීකරු දෙනෙත




මටත් අහිමිවු බොළද සිතකට

සිතුම් අරුමැසි වැසි වහින කල

අකීකරු නෙත තෙමී සැලුනේ

අරුත් නැති කදුලකිනි හිමි සද





අනෝරා වැසි වැටෙන මෝසම

සිනා මල් පොඩි තලා දැමුවද

සදා කල් පෙම් බදිමි වැස්සට

අකීකරු නෙතු තෙමන හින්දම





අනන්තෙ මිරිගුවක සැගවුන

රන් රුවක් ලෙස පෙනෙයි නම් ඔබ

ඇත සිට නෙත් හෙලා හිදිනෙමි

අකිකරු නෙත් තෙමාගෙන මම


Published with Blogger-droid v2.0.4

3 comments:

  1. බලා හිද දුර යවා නෙතු යුග
    සදාකල් නුඹ සොයන දෙනුවන
    විතරක්ම දැක කුමට පෙම්වත
    ‍නොදැක නුඹහට පෙමැති හදවත..

    ReplyDelete
  2. උපරිමයි! 10 න් 10 ම දෙනවා!!

    ReplyDelete
  3. ආකාහේ සුදු දිලෙන සඳකට
    පෙම් කරේ ඔබ ඇයිද මෙතරම්
    සීත රැය ගෙවෙමින් දිවෙන විට
    වෙන්ව යන සඳ නොයේ නැවතත්...

    (ගැළපුනේ නැද්ද මංදා)

    comment word verification අයින් කරන්න ඉක්මනටම

    ReplyDelete