Friday 2 March 2012

දුරක ඔබ ඇදෙනවා




ආකාසේ තරු ගන්න
මං හීන මවනවා
මල් රේණු දෝත මත
පර වෙලා වැටෙනවා

සිත් දෑලේ දැවටෙන්න
මං කෝල කරනවා
සමනලුන් සිත් යාය
පුරාවට නටනවා

උර හිසේ සුව ගන්න
සිතුම් ඉකි බිඳිනවා
නෙත් දෑල නොපැටලී
දුරක ඔබ ඇදෙනවා

ඔබේ ලෝකේ රජ  වෙන්න
සිත පෙරුම් පුරනවා
මේ වදන් නොදත් සේ
ඔබ බලා සිටිනවා..... :'( 

3 comments:

  1. ලස්සනයි මේ ලියන විදිහනම්....ඒත් දුකයි...ගොඩක් දවස් වල ඉඳන් අහන්න දකින්න ලැබුනෙ මේ වගේ දුක හිතන් දේවල්.මමත් තාම මග බලන් ඉන්නව එයා එයි කියල.ඒත් ඒක හීනයක්ම විතරයි....

    ReplyDelete
  2. හලේ මාතෘකාව දැක්කම මම හිතුවෙ හංසි නයෙක් ගැන කවියක් ලියල කියල.... :කැපිටල් ඩී

    ReplyDelete
  3. දූක් ෂීන්නෙක.... :D

    ReplyDelete