Sunday, 26 February 2012

ඉටි පහන් එළිය මම




පළගැටි සේනා දැවි දැවි මියගිය
වැලි බිස්සේ  දුහුවිල්ල පුරා
නිසසල පැහැයෙන් දීදුලමි  සැමකල
සොහොන් කොතේ ඔබ නිදන තුරා 


දෙනුවන ලඟ රැඳි සෙනෙහස් හසුනක
ආදරයේ පද පේලි ලියා 
ගල් පත්තිරුමත දැලි රූ මවනෙමි
ඔබ ගිය  ලොවකට පෙනෙන තුරා.


නිසසල උදයක වැසිබර සවසක
එකලෙස මම දිලෙනෙමි සැමදා
සුදු වත හැඳගෙන ඇය ඇවිදින් කියු
කඳුලේ කවි නිමවනා තුරා.



1 comment:

  1. අනේ මන්දා.. කවිය තේරුන් ගන්න අමාරුයි.. සැර වැඩිද මන්දා...

    ReplyDelete