Thursday 18 August 2011

අවසරයි සමු ගන්න

අදයි අන්තිම දවස
හෙට නුඹත් මට නොමැත,
දුකයි සැප දෙක එක්ක
මා එක්ක නිදි වැරුව
නුඹට දැන් අවසරයි
මගෙන් සමු ගෙන යන්න,
උකුල් තලයේ වැතිර
නුඹ එක්ක මම කීව
කවි කතා දැන් නිමයි
හෙටින් පසු නුඹත් නැත.
අහමි බව දැන දැනම 
ලඟට ගත් නිසා නුඹ
හිත කෙලෙස් දම් පුරයි...
එහෙත් සමු ගන්න හෙට....




හෙට මගෙන් සමු ගන්නා මගේ වෙලා හිටිය අන්සතු ලෑපිට.....

3 comments:

  1. ගියත් අද සමු අරන්..
    යලිත් එයි ඔබ සතු ලැපක්..
    ආදරෙන් වැළඳ ගන්...
    නෙට් එන්න දිගු කලක්..

    ඉක්මනින් අළුත් ලැපියෙක් යන්න වාසනාව ලැබේවා..!!

    ReplyDelete
  2. කාලය ආවම
    වේවි සමුදෙන්න
    එනමුදු,
    එපා සමුදෙන්න
    කවි කතා වලට

    ගන්න අක්කි ඔයාටම කියල එකක්.. :)

    ReplyDelete
  3. ලැපට සමු දුන්නද
    හංස ගීතය ගැයුමට
    නුඹ හැර සුදු හංසියක්
    අපට කොයි වේවිද

    දිගටම ලියන්න හංසි...

    ReplyDelete