Saturday 9 July 2011

පුංචි ආදර කතාව



රත්තරනේ නෙත් අද්දර රැදෙන්න
මගේ මුළු දිවියම ඔබම නිසා
මගේ නෙතු ඇසිපිය සිරුර ආත්මය
ඔබමයි කියනට මුහුන බලා

ආදර උයනේ මල් ලෙස සුපිපෙමු
මලක් සිඹින තව මලක් වෙලා
ඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
නුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා

මල් මල් යායක මල් අතරේ සිට
මල් මෙන් හිනැහුනු මතක කියා
මල් වට කරගෙන මල් ගොමු අතරින්
කතා කලා ඔබ එන්න කියා  

සිරි පොද වැසිසේ තෙමෙමින් රඟ දෙන
දඟකාරිය ඔබ මගේම නිසා 
තුරුලේ සැතපෙන අහිංසකාවිය
හද ගැස්මයි නුඹ මට දැනුනා

සිටිනෙමි තනිවම මේ තනි මාවත
පිළිරූව සේ මග බලමින් මා 
පැමිනෙනු පෙම්වත් දෙනෙත් ළඟට ඔබ
මගේ තනිකම දුරකට හරදා

සඳ මඩලේ අපි ගෙයක් සදාගෙන
සිටිමුද පෙම් මිහිරේ වෙලිලා
අමුත්තන් ඇවිත් දොර ලඟ හිඳිවි
නොම දත්සේ ඉඳිමුද දෙදෙනා

ජලයත් මිහිකත දෙදෙනා ලෙස අප
විදිනා විට පෙම් සුව වෙලිලා
මල් මෙන් සුපිපෙන් රත්තරනේ ඔබ
අපි අපගේ වන්නෙමු සැමදා 

6 comments:

  1. ලස්සන කවි පෙලක්. උඩ පින්තූරෙත් ලස්සනයි.

    ReplyDelete
  2. කවීගේ කවි ඉතින්‍ කෝමත් ලස්සනයිනේ :)

    ප්‍රියන්ත අයියා.. ඔය පිංතූරේ අදාල ෆිල්ම් එකත් ෆට්ට ලස්සනයි.. ♥

    ReplyDelete
  3. හරිම ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  4. ෆිල්ම් එක නම් බලල නෑ මල්ලි. ඒත් ඒකේ කතාව නම් අහල තියනවා. වෙලාවක ෆිල්ම් එකත් බලන්න ඕන.

    ReplyDelete
  5. ස්තූතියි අයියේ .. මල්ලියෝ සහ නිම්මෂා නගේ

    ReplyDelete
  6. ඇසුවෙමි මාගෙන් මා කවුරුන්දැයි
    නුඹ යැයි පිළිතුරු දුනිමි මෙමා.....
    ... හරිම ලස්සනයි.....

    ReplyDelete