Wednesday 20 July 2011

තනිකඩ හිත් මන්ඩිය


මන්දාරම් අඳුරට පෙම් බඳිනා  
පහන් වැටිය විලසේ
හිරු රැස් දහරට ආල වඩන මං 
බිනර මලකි පොළවේ
දිය මත පිහිනා රැලී හැඩ ගන්වන 
විලත් අහිමි විලසේ ‍
කිසිත් නොදැන ඔබ අහිමිව යනු ඇත
නොලැබ පෙමක පහසේ



සමනල කන්දේ පාමුල හිදගෙන 
සුසුම් හෙලමි මෙලෙසේ
දුරයි තනිව නැග  යන්නට බැහැ 
මට මේ ගිරි දඹ කිසිසේ
අරත්දති තරු කැකුලකි නුඹ මට 
සැනසුම ගෙනෙන මෙසේ
තරු වක් ඉල්ලා හඩයි මසිත තව 
නොම දන්නේද සුහදේ


සිල් ගත් පුර හඳ පායන අහසක 
තනිව පිපුණ තරුවේ
රැස් දහරාවට කිසිවෙකු ලොබ නැත
පුරහඳ ඇත අහසේ
ඉතින් මමත් රහසෙම පෙම් කෙරුවට
කිසිවෙකු නැහැ දන්නේ
අමාවකේ පොඩි තරුවක් වන්නට
මම නැහැ පින් කෙරුවේ

3 comments:

  1. ලස්සනයි. ගොඩක්ම....

    ReplyDelete
  2. හ්ම්ම්ම් ස්තූතියි අයියේ

    ReplyDelete