Friday 1 July 2011

සමුගත් වෙරළ


වැටකේ මල් පිපි වෙරළ ‍ඉමේ
අප හමුවු දින ගගන් දිගේ
සිතිවිලි දිව යයි දෙපා නගන කල
සුසිනිදු වැලි මත සුදු වෙරලේ

ක්ෂිතිජ ඉමේ හිරු කඩා වටේ
දෙනෙතේ කඳුලැලි නිල සේදේ
සමුගෙන යන්නට මා ආ බැවී කී
දෙතොලේ හසරැලි නිදා වැටෙයි

සමුගෙන යන්නට නැගු දෙපයේ
ප්‍රණය ගිලිහි ඔබ තුරුලේ
අවසන් වරටත් සැතපී ඉන්නයි
සිහිසුන් වී පා මුල වැටුනේ


සිත් රූ සොබාහි  කවිපන්තියකට ලියූ පිළිතුරු පද වැලකි
අප හමුවී වෙන්වූ වෙරලේ

1 comment:

  1. වැටකේ මල් තව බලා හිඳි පෙරසේ....
    මේ වෙරළ වෙනසක් නැත තවමත් අද දවසේ...
    කඳුලැලි පිරි ඇයි මේ ඔබගේ දෑසේ...
    සමුගෙන යන්න අවසර ඔබට අද දවසේ...

    ReplyDelete