Friday 29 July 2011

හිතුවක්කාර කඳුලට



ඇරඹුමක් හොයාගෙන ගිහින් දුර
අතරමන් සිත සීතලයි තවම
ගල් ගැහුණු කඳුල ඇස් කෙවෙනි යට
නොම වැටෙයි කොපුල මඟ බලයි තව

කඳුලකින් ඇරඹුනාවු පෙමක
පසුවදන කඳුලක්ය දැන දැනම
පෙරවදන් තනන්නට ගියත් මම
ලියන්නට කිසිවකුත් නොවිනි මට 

ගල් ගැසුණු කම්මුලේ බොඳ වෙන්න
නිල් ගැහුණු තොල් තෙමා බැසයන්න
ඉතින් දැන් නෙත් අඟින් ගිලිහෙන්න
කඳුල නුඹ  දුක් දෙනවා වැඩියි මට

4 comments:

  1. කඳුල ඔය නෙත් වලට
    උරුම යැයි නොසි තන්න..
    සිනාවක් මතුවන්න..
    අවසරයි දැන් ඔන්න...

    ReplyDelete
  2. නොඅරඹන් කදුලකින් පෙම
    අතරමන් කරයි නම් සිත
    කදුලෙන් පෙරවදන් තැනුමට
    ඒ ඇරඹුමම සොයනු කිම

    නොවිනි නම් කිසිවෙකුත් ලියනට
    හැකිවිට ලියන් අක්කේ මෙමට

    ReplyDelete
  3. ඇරඹුනත් පෙම කඳුලෙන්
    නිමා නොවනු ඇත කඳුලින්ම
    සිනාවක් උරුමයි නුඹට
    කාලයයි එය නුඹට ලැබුමට

    ReplyDelete
  4. පෙම සදා බැඳී ඇත කඳුලට
    වරින් වර මුතු සිනාවකට මුල පිරුවද
    දැනගෙන එය බසිනු මැන
    නොගිලී පිහිනන්න පෙම් සාගරය තුල

    ReplyDelete