Tuesday 31 May 2011

ඇරඹුම




නිහඩතාවය සුන්දරයි
දොඩන දහසක් වදන් අභියස
පියා ගත් නෙතු පෙමිබරයි
කඳුලු පිරි  නෙත් බුබුලු අභියස
නුඹේ සෙනෙහස සුන්දරයි
නුඹව මුණ නොගැසෙනා තුරු මට
හෙටත් අද මෙන් මම ගොළුයි
ලොවේ කටුකම මිනිස් කම ලඟ

8 comments:

  1. සුභ පැතුම් ලස්සන කවි චාරිකාවකට..!!!

    ReplyDelete
  2. සුබ පැතුම් අක්කා...හැමදාම ඔයත් එක්ක.......

    ReplyDelete
  3. නියමයි නියමයි සුදු හංසී

    දිගටම ලියමු....මමත් කවි කියවන්න තමායි ගොඩාක්ම කැමති

    ReplyDelete
  4. බඳින කවි පද සුන්දරයි..
    හිතේ තෙරපෙන හැඟුම් අභියස..
    පියා ගත් නෙතු සුන්දරයි..
    සිතින් දකිනා හීන අබියස
    හංස ගීතය සුන්දරයි..
    විඩා පත්වූ අපේ මනසට..
    කවිය ළඟ සිත දොඩවළුයි..
    මිනිස් කම පිරි හදවතක් ලඟ..

    ReplyDelete
  5. මෙන්න මගෙනුත් උණුසුම් සුභපැම්.....!!!

    ReplyDelete
  6. එකදු වදනක්
    නොකී මුත් නුඹ
    හිතන දේවල් ලස්සනයි
    සෙමින් ඇසෙනා විහඟ ගී මැද
    මුදුව සසැලෙන තුරු වගෙයි...

    සුභ පැතුම්..!!

    ReplyDelete
  7. ඇරඹුම මිහිරියි..
    නිහඩ සිතක සිතුම් කවි ලස්සනයි.. :)
    හංස ගීතයේ දිගු ගමනකට මගෙන් ආසිරි..!!

    ReplyDelete
  8. ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් සුදු හංසි අක්කට.

    ReplyDelete