නිල් මහනෙල් මල් සම කල
නුඹ පෙම් කල මගේ නෙත් යුග
සක්මන් සිත චංචල කල
මහනෙල් මල් පරදන නෙත
ඉක්මන් කොට අඩි තිය තිය
සිත් මනිඩිය පුරා හැඩට
මන්තරයක් ලෙස මුසුණන
ආදරයේ සප්තස්වර
සන්සුන් සිත චංචල කොට
පැහර ගිහින් පෙම්වත් හිත
මං තාමත් අහන්නේ ඇයි
පෙම් කෙරුවේ මෙතරම් මට
මාරයි අක්කා...ලස්සන පද ටික .............
ReplyDeleteනියම කවි ටික අක්කේ. මාරම ලස්සනයි.
ReplyDeleteමම කොයිල් උනා. සිහින තවලම ලියන සුදු හංසි අක්කත් ඔයාද ???
ReplyDeleteහරිම ලස්සනයි සුදු අක්කියා..........
ReplyDelete"කිමද ඔබ මල් කුමරියන්නේ
ReplyDeleteපෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නේ..."
කිසිවක් නොකියමි..
ReplyDeleteබලා සිටින්නෙමි..
ආදරයෙන් මත්වූ සඳ..
ReplyDeleteනොපෙනේ දුර කිමද වරද...
හද අරණට නොදැනෙන සඳ..
ආදරෙ කරන්නේ කෙලෙසද...