සරත් සඳ කැන් පතිත මිහිපිට
නැළවෙනා දළු මල් බලා
තුෂර පින්නේ තෙමි රඟ දෙමු
සඳේ රැස් මත පිහිනලා
වලා යහනෙන් හිලිහි මිහිබට
සුසුදු සේලෙය දවටලා
කිඳුරු කෝමල වලා පැහැයෙන්
හැඩවෙලා තව හැඩ වෙලා
නීල දෙනයන යොමා වටපිට
සුදුසු තනුවක් වය වයා
කිඳුරු කුමරිය රඟමු දිනයක
සරත් සඳ ළඟ තනි වෙලා
සුසුදු වැලිමත තබා මුදු ලෙස ඔබ දෙපා...
ReplyDeleteරඟන විට කිඳුරියේ වෙන කිසිත් මට එපා...
නීල දෙනයන කෝල බැල්මත් මට කැපා...
මාව තනිකර ඇත සයුරට යන්න නම් එපා....
ලස්සනයි අක්කා
ReplyDelete