මානස විල මැද හංස රජුනි ඔබ
අගමෙහෙසිය විමි හංසිය වී මම
නිල් දිය තලයේ පෙම්වත් රංගන
රැඟුවෙමු පිරිවර තිසරුන් වට කොට
දඩයම් ආ සතුරන් ඔබ වට කොට
රැකවල් ලද්දි අල්ලා ගැනුමට
සෙසු තිසරුන් ඉගිලුන මුත් අහසට
මා හට නොහැකිය ඔබ හැර යන්නට
හිමියනි විල මැද අප රැඟු රන්ගන
පෙන පිඩු නගමින් පිහිණු අන්දම
සිහි කරමින් ඒ සොදුරු අලිංගන
සිතුවෙමි ඔබ හා මමත් මියෙන්නට
මානස විල රණ තිසරාවියගේ කතා වත පද පේලි කීපයකින් මතු කර තිබීම ඉතා අනර්ඝයි. පිවිතුරු ආදරයක් කියන්නේ මෙයම වෙන්න ඇති නේද?
ReplyDeleteයශෝදරා ආදරේ කලේ එහෙමලු අයියේ.. එහෙම ආදරේ කරන්නත් පුළුවන් යශෝදරා වගේ අයට විතරමයි
ReplyDeleteහොව් හොව් ස්තූතියි මේ පැත්තේ ආවට :)
ReplyDeleteහ්ම්.....................
ReplyDeleteමේ.... බැදුනු... සෙනේ....
කෙදිනද... මා පවසන්නේ......
ආදරිය..කියා.....
කෙලෙසද මා....අමතන්නේ....
අපේ ලොවේ......
කෙදින අපි තනිවෙන්නේ.....